ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

"ගුරුවරුන් යනු ළමයෙකුගේ දෙවැනි දෙමාපියන් ය" යනු අප සමාජයේ සංකල්පගත වූ තවත් එක් ප්‍රසිද්ධ අදහසකි.මෙය කෙතරම් සත්‍යදැයි මට නිශ්චිතව පැවසිය නොහැක.එහෙත් එහි වලංගු බව බොහෝවිට එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට වෙනස් වන සාපෙක්ෂ දෙයක් බව මම මාගේ ජීව්ත කාලය තුළ ලැබූ අත්දැකීම් ඇසුරින් නිගමනයකට පැමිණිමි.ගුරුමෑණිය/ගුරුපියා යනු සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ලිඛිත ව්‍යවහාරයේ යොදාගන්නා ගෞරවනාම පදයකි.මෙයින් ගුරුමෑණිය/ගුරුපියා යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ එක් කෙනෙකු හෝ යම් පිරිසක් විසින් නිර්මාණය කරන ලද සදාචාරාත්මක හෝ වෙනත් රාමුවකට ගැලපෙන ගුරු වෘත්තිකයෙකි.මෙවැනි සදාචාරාත්මක රාමු දහස් ගණන් එකට එකතු වී සෑදුණු අප සමාජයේ පවතින පොදු ආකල්ප වලට සරිලන ලෙස තම වෘත්තියෙ යෙදෙන ගුරුවරයා හෝ ගුරුවරිය ගුරුපියෙක් හෝ ගුරුමෑණියෙක් වන්නේ එසේය.එම පැරඩයිමයට යම් ගුරු වෘත්තිකයෙක් අයත් නොවන්නේ නම් ඔහු හෝ ඇය තවත් එක් ගුරුවරයෙක්,ගුරුවරියක් හෝ ගුරුවරියක් පමණි.තවත් එක් 'මිසී' කෙනෙක් හෝ තක්කඩියෙක් හෝ හොරෙක්/හෙරක් පමණි. මෙතන මා දකින බරපතලම ප්‍රශ්නය මෙය නොවේ.බරපතලම ප්‍රශ්නය වන්නේ මොවුන් ඇට,මස්,නහර වලින් සෑදුණ...