Skip to main content

Posts

Featured

තිලීපන් "ගාන්ධි චරිතයක්" ද?

මෙම ලිපිය පළ වෙන්නට දවස් කිහිපයකට පෙර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී කොටි සංවිධානයෙහි සාමාජිකයකු වූ ලුතිනන් කර්නල් තිලීපන් අනුස්මරණය කිරීම සඳහා යෙදී තිබුණු පෙළපාලියකට ප්‍රහාර එල්ල වුණු බව වාර්තා වී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලේඛක මතය නම් එයට එල්ල වුණු ප්‍රහාරය මැඩ පැවැත්වීමට අදාළ ප්‍රදේශයෙහි රැස් ව සිටි පොලිස් නිලධාරීන් සාධනීය උත්සාහයක් නොගැනීම වරදක් බව ය. තහනම් සංවිධානයක සාමාජිකයකු වූ දිලීපන් සැමරීම නීතී විරෝධී නම් එම පෙළපාලිය වහාම නැවතීමට කටයුතු කළ යුතු ය. එය නීති විරෝධී නැති නම් අදාළ මැර ප්‍රහාරය වැළැක්විය යුතු ය. උතුරෙහි දේශපාලනික පක්ෂ දිලීපන් නම් චරිතය දෙමළ බෙදුම්වාදී ව්‍යාපාර නිතර තම දේශපාලනයට මානුෂිය මුහුණවරක් ලබා දීමට යොදාගන්නා බව ලේඛකයාගේ නිරීක්ෂණයයි. එබැවින් එම චරිතය කළින් කල සැමරීම තුළ ඇත්තේ බෙදුම්වාදී දේශපාලනයක් මිස සංහිඳියාවේ දෑත් දිගු කරන අරමුණක් නොවේ. ඔහුව සැමරීමෙහි අයිතිය නෛතික නම් එසේ කිරීමේ අයිතියට ගරු කළ යුතු ය. මෙම ලිපියෙන් ඉදිරිපත් තර්කය නම් ඔහු අවිහිංසාවාදී මානවවාදී ක්‍රියාකාරියෙක් යන ප්‍රතිරූපය සත්‍ය නොවන බව ය. 1963 වර්ෂයෙහි නොවැම්බර් 29 වනදා උපත ලැබූ රාසයියා පර්

Latest Posts

බදු ඉහළ දැමීම සහ ආර්ථික දියුණුව

රාසමානික්කම් න්‍යාය | The Rasamanickam effect

සුපර්මෑන් සහ සමාජ මාධ්‍ය පුරෝගාමියෝ

සදාචාරාත්මක උත්තරීතර බව | Moral Superiority

හිඟන්නාගේ තුවාලය

ස්වයං බෝම්බකරුවන් බිහිවන්නෙ කෙසේ ද?

උත්සහවන්තයා ජයගනියි, නමුත්?

වහබිවාදය හෙවත් අයිසිස් ත්‍රස්තයන්ගේ ආගම

නිරුවත ඉවසීම සංස්කෘතියක් නොව කලාවකි.

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය