Posts

Showing posts from May, 2017

යුද නිමාව සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද?

Image
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ විජයග්‍රහණය සැමරීම මානව ගරුත්වයට නිගාවක් ද යන්න සාකච්ඡා කිරීම මා මෙම ලිපිය ලිවීමේ අරමුණ වේ. මගේ පෞද්ගලික මතයට සහ වැටහීමට අනුව එය එසේද යන්න මෙම ලිපිය තුළින් අදහස් කෙරේ. හැඳින්වීම පුරා වසර 26ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ නිල නිමාව 2009 වසරේ මැයි 19 වන දා සනිටුහන් වූ බව පොදුවේ සැලකේ. එය යුදමය අවසානයකි . විසි එක් වන සියවසේ සිවිල් යුද්ධයකට යුදමය අවසානයක් ගෙන දුන් රටවල් අතලොස්ස අතරට ශ්‍රී ලංකාව එකතු වූයේ එදා ය. යුදමය අතින් සිවිල් යුද්ධය අවසාන බව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බව මා හට වැටහේ.  සිවිල් යුද්ධයේ වෙනත් ඇතැම් බලපෑම් සම්පූර්ණයෙන් මඟහරවා ගැනීමට ශ්‍රි ලංකාවට නොහැකි වූ බව ද තවත් එක් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි. එම බලපෑම් මොනවද යන්න සාකච්ඡා කිරීම බොහෝ මතභේද වලට තුඩු දෙන කාර්යයක් බව පැවසීමේ වරදක් මා දකින්නේ නැත. එය එසේ වූවද, එම යුද්ධයේ යුදමය නිමාව සනිටුහන් කිරීම සැමරීම මානව ගරුත්වයට පටහැනි වේද? සිවිල් යුද්ධය සංඛ්‍යාත්මක ඇසකින් 1983 සිට 2009 දක්වා කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය සංඛ්‍යාව නිශ්චිත ප්‍රකාශනයක් මෙතෙක් කල...