Posts

Showing posts from 2016

ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස ද?

Image
"ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් යනු නිදහස් දේශයක්" හෝ "භාෂණයේ නිදහස වැනි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යාවශ්‍ය අංග වේ" වැන්නන් මා හට නිරන්තරයෙන් ඇසෙන්නට/දකින්නට ලැබුණු ප්‍රකාශ/තර්ක විය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මානව අයිතීන් සහ මානව හිමිකම් වැනි සංකල්ප වල දේශපාලනික පදනමක් ලෙස හැඳින්වීම මා දැක ඇති වාරයන් එමට ය. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු මානව නිදහසට අත්‍යාවශ්‍ය දේශපාලන පදනමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය නැති සමාජයක හෝ රටක නිදහසක් බලාපොරොත්තු විය හැකි ද? මේ සියල්ලට මම මා දන්නා ආකාරයෙන් මෙම ලිපිය තුළින් පිළිතුරු සැපයීමට අදහස් කරමි. පරජාතන්ත්‍රවාදය යනු කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය යනු සරලව ගත් කළ බහුතර සිවිල් ජනයාගේ පාලනය යි. කලින් කල මැතිවරණ වැනි ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩසටහන් තුළින් සිවිල් ජනතාව හට තමන්ගෙ මනාපයන් අනුව සිවිල් නියෝජිතයන් පත්කොට පාලන අධිකාරියන් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික අංගය යැයි පැවැසීම තුළ වැරැද්දක් මම නොදකිමි. දේශපාලනික විද්‍යාඥ ලැරි ඩයමන්ඩ් විසින් ප්‍රජාතන්ත්‍රවාදය කොටස් 4ක එකතුවක් ලෙස හඳුන්වා ඇත . එම අංග 4 ඔහු විසින් මෙසේ විස්තර කරන ලදි :...