Posts

Showing posts from March, 2017

සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල : ඒවායේ ප්‍රමිතීන්(?) සහ නිදහස් අධ්‍යාපනය

Image
පෙරවදන මා හට මෙම සමාජ-දේශපාලනික ගැටලුව ගැන එතරම් දැනුමක් නැත. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නා මම මෙම ලිපිය මඟින් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් නිස්කාරණේ සහය දක්වන්නේ නැත. හුදෙක් මෙම ගැටලුව මා හට වැටහී තිබෙන ආකාරය සහ එය විසඳීම සඳහා මම මා හට වැටහෙන ආකරයෙන් ගොඩනැඟූ තර්ක කිහිපයක් මෙම ලිපියෙහි අඩංගු ය.  ඔබේත් මගේත් දැනුමේ දියුණුව සඳහා මෙම ලිපිය සංවාදයට විවෘත කරන අතර මෙම ලිපියෙහි සඳහන් දෑ කෙරෙහි ඉදිරිපත් වන විවේචන සහ විචාර මම බෙහෙවින් අගය කරන්නෙමි. S තුනේ කතාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන අයුරින් රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට ඇති අවම සුදුසු කම උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගැනීම යි. වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට තිබෙන තරඟකාරිත්වය හේතුවෙන් බඳවාගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට එම සභාවට සිදුවීම සුලභ දෙයකි. එම නිසා වෛද්‍ය පීඨයෙහි ඉගෙනගැනීමට සුදුසුකම් ලැබීම සඳහා ඉහළ ඉසෙඩ් අගයක් නිර්දේශ කිරීමට සිදු වන බව මාගෙ වැටහීම යි. ඉහළ ඉසෙඩ් අගයක් සඳහා ඉහළ ප්‍රතිපලයක් අවශ්‍ය වන අතර මෙම ප්‍රතිපලයෙන් පෙන්නුම් කරනවා යැයි ...