Posts

Showing posts from 2018

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

Image
ෆෙඩරල්වාදය යනු ශ්‍රී ලංකාව තුළ මහඟු මතභේදාත්මක කතිකාවකට මාතෘකාවක් වූ දේශපාලනික සංකල්පයක් යැයි පැවසීමෙහි වරදක් මම නොදකිමි. ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්වාදය ගැන ඇතිවන නොයෙකුත් සාකච්ඡා වලදී බෙදුම්වාදය තර්කයක් ලෙස ගෙන ඒම සාමාන්‍ය දෙයකි. ෆෙඩරල්වාදය යන නම ගෑවුණු තැන ඊළාම් සිතියම සිහියට නැගෙන තරමට ෆෙඩරල්වාදය හා බෙදුම්වාදය අතර සම්බන්ධතාවයක් දකින්නට නොයෙකුත් සංකීර්ණ මෙන්ම සාධාරණ හේතු තිබෙන බව මම පිළිගනිමි. ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලනික අවකාශයේ ටැබූ මාතෘකාවක් වන ෆෙඩරල්වාදය ගැන කෙටි හැඳින්වීමක් දෙමින් ෆෙඩරල්වාදී පාලන ක්‍රමවේදය සාපේක්ෂව බෙදුම්වාදය හට වැඩි ඉඩ කඩක් දිය හැකි ද යන්න මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීම මාගේ අරමුණයි. ෆෙඩරල්වාදය - හැඳින්වීමක් ෆෙඩරල්වාදය යනු ආණ්ඩු වර්ග දෙකක් සම්මිශ්‍ර වූ පාලන ක්‍රමවේදයකි. එම ආණ්ඩු වර්ග දෙක නම්:   1. "මධ්‍යම" හෝ "ෆෙඩරල්" ආණ්ඩුව   සහ   2.  ප්‍රාන්ත හෝ වෙනත් ප්‍රාදෙශීය ආණ්ඩු ෆෙඩරල් පාලන ක්‍රමවේදයක මූලික අංගය වන්නෙ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර නීතිමය වශයෙන් බෙදී ගිය බලතල යි. එමඟින් මධ්‍යම ආණ්ඩුවෙ මැදිහත්වීමකින් තොර ව ප්‍රාන්ත ආ...