වහබිවාදය හෙවත් අයිසිස් ත්‍රස්තයන්ගේ ආගම

ත්‍රස්තවාදයෙහි නිර්වචනය පිළිබඳ විවිධ අර්ථකතන ඇත. එය කෙසේ නමුත් පොදුවෙ ගත් කල දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ප්‍රචණ්ඩාකාරී ක්‍රියා වල නියැලීම ත්‍රස්තවාදය ලෙස සැලකිය හැක. ලොව මෙතෙක් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ නොයෙකුත් පුද්ගලයින් හා සංවිධාන මෙවැනි ක්‍රියා වළ නියැලුණු අය වෙයි. අයිසිස් වැනි ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන හට දේශපාලන අරමුණු ඇත. ඔවුන්ගේ අන්තවාදී අදහස් වලින් ගොඩනැඟුණු රාජ්‍යයන් තනා ගැනීම උදෙසා යුද වැදීම, සිවිල් ජීවිත හට හානි සිදු කිරීම වැනි දෑ ඔවුන් විසින් සුලභව අනුගමනය කරන ක්‍රියාමාර්ග වේ. අයිසිස් සංවිධානය මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙන්නෙ හුදු මුදල් සහ බලයට කෑදරකමින් නොවේ. ඔවුනට ඉටු කරගැනීමට අවශ්‍ය දේශපාලන අරමුණක් ඇත. එම අරමුණ පිටුපස ආගමික ආභාෂයක් ලැබූ මතවාද සමූහයක් ඇත. අයිසිස් සංවිධානයේ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් අයිසිස් සංවිධානය බිහිවන්නෙ 1999 දී ය. ඒ අබු මුසාබ් අල් සර්කාවී (Abu Muzab al Zarqawi) නම් ජිහාඩ්වාදීයාගෙ නායකත්වය යටතේ ය. එකල මෙම සංවිධානය නම් කරන ලද්දේ ජමාත් අල් තව්හීද් වා අල් ජිහාඩ් (Jama'at al-Tawhid...