උත්සහවන්තයා ජයගනියි, නමුත්?

Photo courtesy: WallpaperCave (www.wallpapercave.com) ඉහත ඡායාරූපය මා මෑතකදී නැරඹූ විප්ලෑශ් [Whiplash (2014)] නම් හොලිවුඩ් චිත්‍රපටියක රාමුවකි. යොවුන් වියේ පසු වන ඩ්‍රම්ස් වාදකයෙකු ඇමෙරිකාවෙ ජැස් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතම ඩ්‍රම්ස් වාදකයෙකු වීමට දරන උත්සාහය මෙම චිත්‍රපටිය තුළින් දිග හැරේ. බැලූ බැල්මට මෙම චිත්‍රපටියේ කතාවෘතාන්තය පෙනී යන්නේ නොයෙකුත් තාඩන පීඩන මධ්‍යයේ තම අරමුණ කෙරෙහි ළඟා වීමට වෙර දරන තරුණයකුගේ වීර්යය විදහා පෑමක් ලෙස ය.එය නිවැරදි ය. ඇත්තෙන්ම එම තරුණයාගේ උත්සාහය මනාව මෙම චිත්‍රපටිය තුළින් පිළිබිඹු වන අතර ඔහුගේ සාර්ථකත්වය ද චිත්‍රපටියේ උච්ඡතම අවස්ථාවේ නිරූපනය වේ. එනමුත් මෙම චිත්‍රපටියේ තේමාව උත්සාහවන්තයා ජයගනියි යන්න ම නොවේ. මා දකින තේමාව ඊට වෙනස් එකකි. කතාව ආරම්භ වන්නේ ප්‍රධාන චරිතය වන ඇන්ඩෲ නීමන් ඇමෙරිකාවෙ පවතින ප්‍රමුඛ පෙළේ සංගීත විද්‍යාලයක සිසුවෙකු වී සිටි කාලයේ දී විද්‍යාල පරිශ්‍රයේ තනිවම ඩ්‍රම්ස් වාදනය පුහුණු වී සිටින දර්ශනයක් සමඟ ය. එහිදී ටෙරන්ස් ෆ්ලෙචර් නම් සංගීත ගුරුවරයෙක් ඔහු හමුවන අතර ටෙරන්ස් විසින් පුහුණු කරන සංගීත වාදන කණ්ඩායමෙහි පුහුණු වී...