Posts

Showing posts from 2021

සුපර්මෑන් සහ සමාජ මාධ්‍ය පුරෝගාමියෝ

Image
  ෆ්‍රීඩ්‍රික් නීට්ෂ (Friedrich Nietzsche) යනු 19 වන සියවස තුළ ජර්මනියේ විසූ දාර්ශනිකයෙකි. ඔහු විසින් රචිත Thus Spoke Zarathustra නම් කෘතිය අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයට පත් වූ එකකි. ආගමික සදාචාරය සහ ආධ්‍යාත්මිකතාවය (විශේෂයෙන්ම ක්‍රිස්තියානි සදාචාරය ) වර්තමාන සමාජය හට ගැළපෙන්නේ නැති බවත්, වඩාත් යාවත්කාලීන වූ  සදාචාර පද්ධතියක් සමාජයට අවැසි යැයි ඔහු මෙම කෘතිය තුළින් තර්ක කරයි. "දෙවියන් මිය ගොස් ඇත. අප විසින් ඔහුව ඝාතනය කරන ලදී." යනුවෙන් ප්‍රකාශ කරන නීට්ෂ නූතන සමාජය තමන් ලබාගත් තාක්ෂණික දියුණුව වැනි දේවල් නිසා දෙවියන්ගේ වැදගත්කම කෙමෙන් වියැකී ගොස් ඇති බව ව්‍යංගයෙන් අදහස් කරයි.  මෙම කෘතිය තුළින් නීට්ෂ තවත් සංකල්පයක් හඳුන්වා දෙයි. ජර්මන් බසින් ඌබර්මෙන්ශ් යැයි හඳුන්වන මෙම සංකල්පය ආසන්න වශයෙන්  "සුපර්මෑන්" යන ඉංග්‍රීසි පදයට පරිවර්තනය කළ හැක. නීට්ෂ විසින් හඳුන්වන  මෙම සුපර්මෑන් සංකල්පයෙන් සමාජයේ සුවිශේෂී පෞරුෂයක්, බලයක් හිමි චරිතයක් අදහස් කරයි. නීට්ෂ "Thus Spoke Zarathustra" කෘතිය තුළින් සුපිරි මිනිසාගේ චරිතය සමාජයේ සදාචාරාත්මක රාමුව මෙන්ම විවිධ අරමුණු නිර්මාණ...

හිඟන්නාගේ තුවාලය

Image
වසර දෙක තුනක් පාසා ශ්‍රී ලාංකික රජය ජාත්‍යන්තර වශයෙන් නිතර මුහුණ දෙන ගැටලුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ ජාතික සංහිඳියාව පිළිබඳ යෝජනාවන් හට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න ය. මෙලෙස ගෙනෙන යෝජනා පිටුපස දේශපාලන අරමුණු නැතිවා නොවේ. එනමුත් එක්සත් ජාතීන්ගේ සංගමය ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය දරන, විවිධ රටවල් අතර බොහෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති වීමට මග පෑදූ සංවිධානයකි. එවැනි සංවිධානයක ශ්‍රී ලංකාවේ ස්වරූපය රැකෙනා සහ වැඩි දියුණු වන ආකාරයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පරම වගකීම කි.එක්සත් ජාතීන්ගේ සංගමයේ දේශපාලනික බල තුලනය කුමක් වුවත් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් තම ස්වෛරීභාවය රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලාංකික නියෝජිතයන් කටයුතු කළ යුතු ය.මෙතෙක් කල් එය සිදු වී ඇත් ද යන්න ගැටලුවකි. හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භයේදී ගෝලීය ද්‍රවිඩ සංසඳයට කොටි සංවිධානය යුරෝපා සංවිධානය විසින් තහනම් කිරීමට ඒත්තු ගැන්වීමට හැකි වූ තරම් දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරට සේවය කොට ඇත. සිවිල් යුද්ධයේ අවසානයෙන් පසුව එවැන...