Posts

Showing posts from 2019

ස්වයං බෝම්බකරුවන් බිහිවන්නෙ කෙසේ ද?

Image
Photo courtesy: Wikipedia මෙම ලිපියට පාදක වූ කාරණය නම් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවෙ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙ කිංස්බරි හෝටලයට එල්ල කෙරූ බෝම්බ ප්‍රහාරය සහ බෝම්බ කරු පිළිබඳව ලැබූ අධිකරණ තීන්දුව යි . මෙම තීන්දුව එක්තරා විදිහකට නොයෙකුත් මතභේද හට තුඩු දුන් එක කි. එනම් එම බෝම්බකරු ස්වයං බෝම්බකරුවෙක් ලෙස අධිකරණය තීන්දු දුන්නා යැයි පළ වූ ප්‍රවෘත්ති නිසා ය.බැලූ බැල්මට මෙය අදාළ සංවිධාන වරදින් මුදවාගැනීම උදෙසා දුන් තීන්දුවක් ලෙස පෙනෙන නමුත් මෙහි සත්‍ය ස්වභාවය මීට වඩා සංකීර්ණ එකක් වන්නට පුළුවන. මෙම ලිපියේ සඳහන් හේතු කාරණා මෙම තීන්දුවට බලපා ඇති බව අනුමාන කෙරුන ද එය එසේම වේ යැයි ලෙඛකයා සඳහන් නොකරයි. සෛල පද්ධතිය (Clandestine cell system) සෛල පද්ධතිය යනු යම්කිසි සංවිධානයක ක්‍රියාකාරීන් කුඩා, ස්වාධීන කණ්ඩායම් හට බෙදීමේ ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේදය අනුගමනය කරන සංවිධානයක බලය විමධ්‍යගත වීම නිසා එම සංවිධානයේ ඉහළ පෙළේ නායකත්වයේ සහ වෙනත් කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අපහසු ය. මන්ද යත් එක කණ්ඩායමක් හට ලැබෙන්නෙ සීමිත තොරතුරු ප්‍රමාණයක් සහ කුඩා පිරිසකි. මෙම නිසා යම්කිසි හේතුවක් මත මෙ...

උත්සහවන්තයා ජයගනියි, නමුත්?

Image
Photo courtesy: WallpaperCave (www.wallpapercave.com) ඉහත ඡායාරූපය මා  මෑතකදී නැරඹූ විප්ලෑශ් [Whiplash (2014)] නම් හොලිවුඩ් චිත්‍රපටියක රාමුවකි. යොවුන් වියේ පසු වන ඩ්‍රම්ස් වාදකයෙකු ඇමෙරිකාවෙ ජැස් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතම ඩ්‍රම්ස් වාදකයෙකු වීමට දරන උත්සාහය මෙම චිත්‍රපටිය තුළින් දිග හැරේ.  බැලූ බැල්මට මෙම චිත්‍රපටියේ කතාවෘතාන්තය පෙනී යන්නේ නොයෙකුත් තාඩන පීඩන මධ්‍යයේ තම අරමුණ කෙරෙහි ළඟා වීමට වෙර දරන තරුණයකුගේ වීර්යය විදහා පෑමක් ලෙස ය.එය නිවැරදි ය. ඇත්තෙන්ම එම තරුණයාගේ උත්සාහය මනාව මෙම චිත්‍රපටිය තුළින් පිළිබිඹු වන අතර ඔහුගේ සාර්ථකත්වය ද චිත්‍රපටියේ උච්ඡතම අවස්ථාවේ නිරූපනය වේ. එනමුත් මෙම චිත්‍රපටියේ තේමාව උත්සාහවන්තයා ජයගනියි යන්න ම නොවේ. මා දකින තේමාව ඊට වෙනස් එකකි. කතාව ආරම්භ වන්නේ ප්‍රධාන චරිතය වන ඇන්ඩෲ නීමන් ඇමෙරිකාවෙ පවතින ප්‍රමුඛ පෙළේ සංගීත විද්‍යාලයක සිසුවෙකු වී සිටි කාලයේ දී විද්‍යාල පරිශ්‍රයේ තනිවම ඩ්‍රම්ස් වාදනය පුහුණු වී සිටින දර්ශනයක් සමඟ ය. එහිදී ටෙරන්ස් ෆ්ලෙචර් නම් සංගීත ගුරුවරයෙක් ඔහු හමුවන අතර ටෙරන්ස් විසින් පුහුණු කරන සංගීත වාදන කණ්ඩායමෙහි පුහුණු වී...

වහබිවාදය හෙවත් අයිසිස් ත්‍රස්තයන්ගේ ආගම

Image
ත්‍රස්තවාදයෙහි නිර්වචනය පිළිබඳ විවිධ අර්ථකතන ඇත. එය කෙසේ නමුත් පොදුවෙ ගත් කල දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ප්‍රචණ්ඩාකාරී ක්‍රියා වල නියැලීම ත්‍රස්තවාදය ලෙස සැලකිය හැක. ලොව මෙතෙක් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ නොයෙකුත් පුද්ගලයින් හා සංවිධාන මෙවැනි ක්‍රියා වළ නියැලුණු අය වෙයි. අයිසිස් වැනි ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන හට දේශපාලන අරමුණු ඇත. ඔවුන්ගේ අන්තවාදී අදහස් වලින් ගොඩනැඟුණු රාජ්‍යයන් තනා ගැනීම උදෙසා යුද වැදීම, සිවිල් ජීවිත හට හානි සිදු කිරීම වැනි දෑ ඔවුන් විසින් සුලභව අනුගමනය කරන ක්‍රියාමාර්ග වේ. අයිසිස් සංවිධානය මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙන්නෙ හුදු මුදල් සහ බලයට කෑදරකමින් නොවේ. ඔවුනට ඉටු කරගැනීමට අවශ්‍ය දේශපාලන අරමුණක් ඇත. එම අරමුණ පිටුපස ආගමික ආභාෂයක් ලැබූ මතවාද සමූහයක් ඇත. අයිසිස් සංවිධානයේ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් අයිසිස් සංවිධානය බිහිවන්නෙ 1999 දී ය. ඒ අබු මුසාබ් අල් සර්කාවී (Abu Muzab al Zarqawi) නම් ජිහාඩ්වාදීයාගෙ නායකත්වය යටතේ ය. එකල මෙම සංවිධානය නම් කරන ලද්දේ ජමාත් අල් තව්හීද් වා අල් ජිහාඩ් (Jama'at al-Tawhid...