Posts

නවකවදය, දේශපාලනය සහ උපසංස්කෘති

Image
Goat (2016)  හැඳින්වීම නවකවදය (Hazing, ragging) යම්තාක් දුරට පුළුල් නිර්වචනයක් ඇති සංකල්පයකි. එහි කෙටි නිර්වචනයක් ලෙස මෙසේ සඳහන් කළ හැකිය: නවක වදය යනු විවිධ කල්ලි, ජන කණ්ඩායම් සහ වෙනත් ආයතන විසින් නවකයන් බඳවාගැනීම උදෙසා හෝ යම්කිසි පරිසරයකට ඔවුන් හුරු කිරීම උදෙසා මානසික සහ ශාරීරික වශයෙන් පීඩා දෙන හෝ නින්දාසහගත කටයුතු හට නවකයන් යොමු කරනා ක්‍රියාවලියයි. ඇතැම් උප සංස්කෘති තුළ මෙය නවකයකු හට යම් කණ්ඩායමක, ගෝත්‍රයක හෝ ආයතනයකට සාමාජිකත්වය ලබා දෙන එක්තරා "චාරිත්‍රයක්" (Rite of passage) ලෙස සැලකේ. මානව සමාජයෙහි නවකවදය  යන සංකල්පය විවිධ ආකාරයෙන් විවිධ මට්ටමෙන් සහ විවිධ අරමුණු අරභයා ලෝකයෙහි නොයෙකුත් පරිසරයන් තුළ ක්‍රියාත්මක වේ. විවිධ හීනමාන මානසික සංකීර්ණ සිට වෘත්තිමය සහ සමාජ-දේශපාලනික අරමුණු දක්වා නවකවදයෙහි හේතු විහිදෙයි. මෙම ලිපියෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපන ආයතන තුළ විවිධ කණ්ඩායම් විසින් මෙහෙයවන නවක වදයන් පිළිබඳ ව ය. ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන පරිසරය තුළ නවකවදයට යම් මට්ටමක දීර්ඝ ඉතිහාසයක් ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල, වෘත්තිමය පුහුණු ආයතන සහ පෞද්ගලික ...

කූඹියෝ සහ පාදසටහන්

Image
හැඳින්වීම මෑතක දී ඉතා අන්දෝලනයට පත් වූ යම් මට්ටමක දේශපාලනික ක්‍රියාකාරියෙක් වූ පුද්ගලයෙක් ගේ අභාවය පිළිබඳව විවිධ අදහස් සයිබර් අවකාශයෙහි හුවමාරු වනවා ලේඛකයා දුටුවේ ය. පුද්ගලයෙකුගේ අභාවය පිළිබඳ ව සතුටු වීම පොදු මානව ධර්මතා වලට පටහැනි බව ලෙඛක මතය යි. කෙසේ නමුත් මියගිය පුද්ගලයෙකු හට ගෞරවය දැක්වීම හෝ නොදැක්වීම අතිශය පෞද්ගලික තීරණයකි. පුද්ගලයෙකුගේ අභාවයේදී විශාල පිරිසක් එය පිළිබඳ ව සතුටු වෙනවා නම්, එම පුද්ගලයා ජීවත් වූ ආකාරය ගැටලුකාරී විය හැක. අරගලයෙන් පසු "ජෙප්පන්" විසින් ඇති කෙරූ වෛරී සමාජ ආකල්ප මියයෑම් සැමරීමට හේතු වූවා යන මතය ලේඛකයා බැහැර කරයි. මන්ද යත් මෙරට ආන්දෝලාත්මක දේශපාලනික චරිත අභාවයට පත් වූ කල එම අභාවයන් සැමරූ මුල් සමය මෙය නොවන නිසා ය. කුමන්ත්‍රණ සහ යථාර්තය ජාතිකවාදී යැයි හඳුන්වාගන්නා විවිධ ආන්දෝලාත්මක සංවිධාන වල විවිධ මතභේදාත්මක කටයුතු වලට සහභාගී වීමට අප්‍රසිද්ධ වූ මෙම ලිපියෙහි ප්‍රස්තුත තරුණයාගේ ඝාතනයත් සමඟ එම ඝාතනය පිළිබඳ ව ශ්‍රී ලාංකික සයිබර් අවකාශයේ විවිධාකාරයේ මත පළ වූ අතර, ලේඛකයා විසින් නිතර දකින කුමන්ත්‍රණ න්‍යායයන් ද ඒවා අතර විය. කූඹියෝ වැනි ලාංකික කලාව තුළ දේශ...

බදු ඉහළ දැමීම සහ ආර්ථික දියුණුව

Image
රජය අයි.එම්.එෆ් සංවිධානය හට තමන් මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට කැප වී ඇති බව ඒත්තු ගැන්වීම උදෙසා මෙම මස (2022 ඔක්තෝබර්) ක්‍රියාත්මක වන පරිදි  ආදායම් බදු ඉහළ දැමීමට රජය තීරණය කිරීම පිළිබඳව විවිධ මත ලෙඛකයාට නිරීක්ෂණය වුණි. ඉන් එක මතයක් නම් සංවර්ධිත රටවල ද ශ්‍රී ලංකාවේ පවතිනවා මෙන් ඉහළ බදු ඇති බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දියුණු කිරීමට සහ රාජ්‍ය පිරිවැය පරතරය අවම කිරීමට සංවර්ධිත රටවල් වල මෙන් ඉහළ ආදායම් බදු පැනවිය යුතු බව ය. බැලූ බැල්මට මෙම තර්කය නිවැරදි වන්නට පුළුවන. එනමුත් මෙම තර්කය මඟින් සැලකිල්ලට නොගන්නා කාරණා කිහිපයක් ඇත. බදු වල පදනම වී ඇත්තේ රජයක් පවත්වා ගැනීම සහ රජය විසින් ලබා දෙන සේවාවන් වල පිරිවැය දැරීමට අවශ්‍ය ආදායමක් සකසා ගැනීම ය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට මූලික් හේතුවක් වී ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පරතරය යි.තම වියදම් පිරිමැසීමට තරම් ආදායමක් නොලැබෙන හේතුවෙන්  ශ්‍රී ලංකාවේ රජය තම පිරිවැය ගෙවීමට ණය ලබාගනියි. ඇතැමුන් තර්ක කරන ආකාරයට ශ්‍රී ලංකාවේ රජය හට ඉතා විශාල ආදායම් හිඟයක් ඇත්තේ මෙරට ජනතාව නිසි ලෙස බදු නො ගෙවන නිසා ය. මෙය යම්තාක් දුරට සත්...

සුපර්මෑන් සහ සමාජ මාධ්‍ය පුරෝගාමියෝ

Image
  ෆ්‍රීඩ්‍රික් නීට්ෂ (Friedrich Nietzsche) යනු 19 වන සියවස තුළ ජර්මනියේ විසූ දාර්ශනිකයෙකි. ඔහු විසින් රචිත Thus Spoke Zarathustra නම් කෘතිය අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයට පත් වූ එකකි. ආගමික සදාචාරය සහ ආධ්‍යාත්මිකතාවය (විශේෂයෙන්ම ක්‍රිස්තියානි සදාචාරය ) වර්තමාන සමාජය හට ගැළපෙන්නේ නැති බවත්, වඩාත් යාවත්කාලීන වූ  සදාචාර පද්ධතියක් සමාජයට අවැසි යැයි ඔහු මෙම කෘතිය තුළින් තර්ක කරයි. "දෙවියන් මිය ගොස් ඇත. අප විසින් ඔහුව ඝාතනය කරන ලදී." යනුවෙන් ප්‍රකාශ කරන නීට්ෂ නූතන සමාජය තමන් ලබාගත් තාක්ෂණික දියුණුව වැනි දේවල් නිසා දෙවියන්ගේ වැදගත්කම කෙමෙන් වියැකී ගොස් ඇති බව ව්‍යංගයෙන් අදහස් කරයි.  මෙම කෘතිය තුළින් නීට්ෂ තවත් සංකල්පයක් හඳුන්වා දෙයි. ජර්මන් බසින් ඌබර්මෙන්ශ් යැයි හඳුන්වන මෙම සංකල්පය ආසන්න වශයෙන්  "සුපර්මෑන්" යන ඉංග්‍රීසි පදයට පරිවර්තනය කළ හැක. නීට්ෂ විසින් හඳුන්වන  මෙම සුපර්මෑන් සංකල්පයෙන් සමාජයේ සුවිශේෂී පෞරුෂයක්, බලයක් හිමි චරිතයක් අදහස් කරයි. නීට්ෂ "Thus Spoke Zarathustra" කෘතිය තුළින් සුපිරි මිනිසාගේ චරිතය සමාජයේ සදාචාරාත්මක රාමුව මෙන්ම විවිධ අරමුණු නිර්මාණ...

හිඟන්නාගේ තුවාලය

Image
වසර දෙක තුනක් පාසා ශ්‍රී ලාංකික රජය ජාත්‍යන්තර වශයෙන් නිතර මුහුණ දෙන ගැටලුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ ජාතික සංහිඳියාව පිළිබඳ යෝජනාවන් හට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න ය. මෙලෙස ගෙනෙන යෝජනා පිටුපස දේශපාලන අරමුණු නැතිවා නොවේ. එනමුත් එක්සත් ජාතීන්ගේ සංගමය ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය දරන, විවිධ රටවල් අතර බොහෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති වීමට මග පෑදූ සංවිධානයකි. එවැනි සංවිධානයක ශ්‍රී ලංකාවේ ස්වරූපය රැකෙනා සහ වැඩි දියුණු වන ආකාරයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පරම වගකීම කි.එක්සත් ජාතීන්ගේ සංගමයේ දේශපාලනික බල තුලනය කුමක් වුවත් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් තම ස්වෛරීභාවය රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලාංකික නියෝජිතයන් කටයුතු කළ යුතු ය.මෙතෙක් කල් එය සිදු වී ඇත් ද යන්න ගැටලුවකි. හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භයේදී ගෝලීය ද්‍රවිඩ සංසඳයට කොටි සංවිධානය යුරෝපා සංවිධානය විසින් තහනම් කිරීමට ඒත්තු ගැන්වීමට හැකි වූ තරම් දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරට සේවය කොට ඇත. සිවිල් යුද්ධයේ අවසානයෙන් පසුව එවැන...

ස්වයං බෝම්බකරුවන් බිහිවන්නෙ කෙසේ ද?

Image
Photo courtesy: Wikipedia මෙම ලිපියට පාදක වූ කාරණය නම් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවෙ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙ කිංස්බරි හෝටලයට එල්ල කෙරූ බෝම්බ ප්‍රහාරය සහ බෝම්බ කරු පිළිබඳව ලැබූ අධිකරණ තීන්දුව යි . මෙම තීන්දුව එක්තරා විදිහකට නොයෙකුත් මතභේද හට තුඩු දුන් එක කි. එනම් එම බෝම්බකරු ස්වයං බෝම්බකරුවෙක් ලෙස අධිකරණය තීන්දු දුන්නා යැයි පළ වූ ප්‍රවෘත්ති නිසා ය.බැලූ බැල්මට මෙය අදාළ සංවිධාන වරදින් මුදවාගැනීම උදෙසා දුන් තීන්දුවක් ලෙස පෙනෙන නමුත් මෙහි සත්‍ය ස්වභාවය මීට වඩා සංකීර්ණ එකක් වන්නට පුළුවන. මෙම ලිපියේ සඳහන් හේතු කාරණා මෙම තීන්දුවට බලපා ඇති බව අනුමාන කෙරුන ද එය එසේම වේ යැයි ලෙඛකයා සඳහන් නොකරයි. සෛල පද්ධතිය (Clandestine cell system) සෛල පද්ධතිය යනු යම්කිසි සංවිධානයක ක්‍රියාකාරීන් කුඩා, ස්වාධීන කණ්ඩායම් හට බෙදීමේ ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේදය අනුගමනය කරන සංවිධානයක බලය විමධ්‍යගත වීම නිසා එම සංවිධානයේ ඉහළ පෙළේ නායකත්වයේ සහ වෙනත් කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අපහසු ය. මන්ද යත් එක කණ්ඩායමක් හට ලැබෙන්නෙ සීමිත තොරතුරු ප්‍රමාණයක් සහ කුඩා පිරිසකි. මෙම නිසා යම්කිසි හේතුවක් මත මෙ...

උත්සහවන්තයා ජයගනියි, නමුත්?

Image
Photo courtesy: WallpaperCave (www.wallpapercave.com) ඉහත ඡායාරූපය මා  මෑතකදී නැරඹූ විප්ලෑශ් [Whiplash (2014)] නම් හොලිවුඩ් චිත්‍රපටියක රාමුවකි. යොවුන් වියේ පසු වන ඩ්‍රම්ස් වාදකයෙකු ඇමෙරිකාවෙ ජැස් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතම ඩ්‍රම්ස් වාදකයෙකු වීමට දරන උත්සාහය මෙම චිත්‍රපටිය තුළින් දිග හැරේ.  බැලූ බැල්මට මෙම චිත්‍රපටියේ කතාවෘතාන්තය පෙනී යන්නේ නොයෙකුත් තාඩන පීඩන මධ්‍යයේ තම අරමුණ කෙරෙහි ළඟා වීමට වෙර දරන තරුණයකුගේ වීර්යය විදහා පෑමක් ලෙස ය.එය නිවැරදි ය. ඇත්තෙන්ම එම තරුණයාගේ උත්සාහය මනාව මෙම චිත්‍රපටිය තුළින් පිළිබිඹු වන අතර ඔහුගේ සාර්ථකත්වය ද චිත්‍රපටියේ උච්ඡතම අවස්ථාවේ නිරූපනය වේ. එනමුත් මෙම චිත්‍රපටියේ තේමාව උත්සාහවන්තයා ජයගනියි යන්න ම නොවේ. මා දකින තේමාව ඊට වෙනස් එකකි. කතාව ආරම්භ වන්නේ ප්‍රධාන චරිතය වන ඇන්ඩෲ නීමන් ඇමෙරිකාවෙ පවතින ප්‍රමුඛ පෙළේ සංගීත විද්‍යාලයක සිසුවෙකු වී සිටි කාලයේ දී විද්‍යාල පරිශ්‍රයේ තනිවම ඩ්‍රම්ස් වාදනය පුහුණු වී සිටින දර්ශනයක් සමඟ ය. එහිදී ටෙරන්ස් ෆ්ලෙචර් නම් සංගීත ගුරුවරයෙක් ඔහු හමුවන අතර ටෙරන්ස් විසින් පුහුණු කරන සංගීත වාදන කණ්ඩායමෙහි පුහුණු වී...